සිවිල් ලියාපදිංචිය පිළිබඳ හැඳින්වීම
1.ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම.
2.උප්පැන්න,මරණ,විවාහ සහතික පිටපත් නිකුත් කිරීම.
3.කල්ගතවූ උපත්(ඉපදී තුන් මසක් ඉකුත් වී) ලියාපදිංච් කිරීම.
4.කල්ගතවූ මරණ(මරණය සිදු වී තුන් මසක්ගත වී) ලියාපදිංච් කිරීම.
5.උප්පැන්න සහතික වල නමක් ඇතුලත් කීරිම. (අවු.21ට අඩු, අවු 21ට වැඩි) නම වෙනස් කිරීම(අවු.21ට අඩු, අවු 21ට වැඩි)
6.උප්පැන්න ලේඛනයක විස්තර වෙනස් කිරීම, නම් ඇතුලත් කිරීම හෝ අත්හැරීම (මවගේ තොරතුරු/ පියාගේ තොරතුරු)
7.කොට්ඨාශය තුල පිහිටි ලියාපදිංච් කල ක්රිස්තියානි දේවස්ථානවල සිදු කරනු ලබන විවහ ලියාපදිංචි කිරීම.
8.කාර්යාල තුළ විවාහ ලියාපදිංචි කිරීම.
උප්පැන්න සහතිකයේ මවගේ නමේ වැරැද්ද සංශෝධනය කිරීම
- නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- මවගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- මවගේ ජාතික හැදුනුම්පතේ පිටපත
- දෙමව්පියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත
උප්පැන්න සහතිකයේ පියාගේ / මුත්තාගේ නම නිවැරදි කිරිම හා විවාහක අවිවාහක බව ඇතුළත් කිරිම
- නිවැරදි කළ යුතු උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- පියාගේ උප්පැන්න සහතිකයේ මුල් පිටපත
- දෙමපියන්ගේ විවාහ සහතිකයේ මුල් පිටපත
- මවගේ / පියාගේ ජාතික හැදුනුම්පත් පිටපත්
කල්ගත වුු උපත් ලියාපදිංචි කිරීම
- උපත් විස්තරය (මුල් පිටපත)
- අත් එන්නත් කාඩ්පතේ ඡායා පිටපතදෙමව්පියන් විවාහක නම්, විවාහ සහතිකයේ මුල් පිටපත
- දෙමව්පියන්ගේ උප්පැන්න සහතිකවල මුල් පිටපත්ම
- ව හා පියාගේ ජාතික හැදුනුම්පත් ඡායා පිටපත්
- උපත සිදු වී අවු 1ට අඩු නම් රු.50/- ක මුද්දර
- අවු 1ට වැඩි නම් රු100/- ක මුද්දර
ඉහත ලියවිලි රැගෙන මව පියා දරුවා සමඟ දිස්ත්රික් රෙජිස්ටාර් අංශයට පැමිණිමට කාරුණික වන්න.
කල්ගත වුු මරණය ලියාපදිංචි කිරීම
- රෝහලක මිය ගියේ නම් රෝහලේ මරණ ප්රකාශයේ මුල් පිටපත.
- ග්රාම නිලධාරී සහතිකය
- ශෝක ප්රකාශ /මරණ දැන්වීම් වැනි දෑ
- මිනී පෙට්ටිය ගත් රිසිට් පත
- ආගමික වතාවත් කළ විහාරාධිපති හිමිගේ /දේවගැතිතුමාගේ ලිපිය
- මරණය සිදු වී අවු1ට අඩු නම් රු. 50/- මුද්දර / අවු 1ට වැඩි නම් රු. 100/- මුද්දර
- ප්රකාශකගේ උප්පැන්න සහතිකය / විවාහ සහතික හා ජාතික හැදුනුම්පත් පිටපත
ඉහත ලියවිලි රැගෙන සඳුදා හෝ බදාදා දිනෙක දිස්ත්රික් රෙජිස්ට්රාර් අංශය වෙත පැමිණිමට කාරුණික වන්න.















